හිටපු කතානායක නව කතානායක ධුරය එපා කියයි!

August 9, 2020 at 7:51 am | by emanisa.lk

නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය භාර ගන්නා ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂගෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයින් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට ජනතාවට වැඩ කළ හැකි අමාත්‍ය ධූරයක් අවශ්‍ය බවය.

පසුගිය භාරකාර රජයේ කෘෂිකර්ම විෂය ඇතුළු අමාත්‍ය ධූර ගණනාවක් ඔහු විසින් හොබවන ලදී.

මේ අතර නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා ඇතැයි ද වර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස