පොහොට්ටුවේ චමල් ගෝඨා පාර්ශව අතර ගැටුමක්!

June 24, 2019 at 11:36 am | by emanisa.lk

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂගේ නම නැවතත් ඉදිරියට ගෙන ඒම පිළිබඳව ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ ගෝඨාභය හිතවාදී කණ්ඩායමෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවත්, ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටුම් මතුවීමේ ඉඩක් ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය.

චමල් රාජපක්ෂගේ නම යෝජනා කරන මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණඩායමේම ඇතැම් මහජන නියෝජිතයන් බැනවැදී ඇති බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකරන වෙබ් අඩවිවලින් හා ෆේස් බුක් පිටුවලින් මේ වන විට චමල් හිතවාදී මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි අදහස් පළකර ඇති බවත් එම මන්ත්‍රීවරයා කීය.

මේ පිළිබඳව කළ විමසීමකදී, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ තමා චමල් රාජපක්ෂ අපේක්ෂත්වයට යෝජනා කරන්නේ තම කණ්ඩායමේ බෙදීම් ඇති කිරීමේ අරමුණෙන් නොවන බවය. අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ නම යෝජනා වුවහොත්, වඩා සුදුසු අපේක්ෂකයෙකු ඉදිරියට පැමිනෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීය.

කෙසේ වෙතත් ඒ ගැන වැරදි වැටහීමක් ඇති කර ගත් පිරිසක් යම් යම් අදහස් දක්වා ඇතැයි තමන්ටද දැනගන්නට ලැබුණු බවද ඔහු පැවසීය.

(අනිද්දා)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස