කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනුණු පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණ සඳහා පෙරේදා දිනයේ යොමු කළ පුද්ගලයින් 160 දෙනා අතරින් කිසිවෙකු ආසාදිතයින් නොවන බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබේ.
දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ තවත් පුද්ගලයින් 392 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවය. අද දිනයේ ද පුද්ගලයින් 350 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මේ වන විට කොරෝනා ආසාදිතයින් 600 ක් හඳුනාගෙන ඇති බව කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් 482 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් බවයි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,815 කි.
යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු අද සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට නියමිතය.
ඒ අතරින්් 13 දෙනෙකු මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ වනවිට, මෙරටදී නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 28,792 දෙනෙකු සිය නිරෝධායනය කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථාන 33 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 1,866 ක්.
කොරෝනා ආසාදිතව සිට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 58 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 431 දෙනෙකු පමණයි.