ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝනා ආසාදිතයෙක්! වහාම තාවකාලිකව වසා දැමේ!

July 30, 2020 at 2:03 pm | by emanisa.lk

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකල PCR පරික්ෂණයකින් හෙළිව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙම කොරෝනා ආසාදිත රෝගියා හඳුනා ගෙන ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණයකදීය.

මෙම සේවකයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බවට හඳුනා ගෙන ඇත.

මෙම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට සහ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාය තාවකාලිකව වසා දමා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස