යූඇන්පී ජාතික ලැයිස්තුවේ ඉන්න රෝලන්ඩ් සිල්වා බැඳුම්කර හොරකමට සම්බන්ධ දූෂිතයෙක්! ඔහු යා යුත්තේ පාර්ලිමේන්තුවට නෙමෙයි හිරගෙට! – ගෙවිඳු

July 23, 2020 at 12:00 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව නියෝජනය කරන රෝලන්ඩ් සිල්වා යනු දේශපාලන පත්වීමක් ලෙස ලංකා බැංකුවේ සභාපති ධුරයට පත්වූ පුද්ගලයකු බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග පවසයි.

2001-2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වරායේ ඉඩමක් විකිණීමට එරෙහිව වාසුදේව නානායක්කාර නඩු පැවරූ අවස්ථාවේ එජාප ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ද රෝලන්ඩ් සිල්වා බව ඔහු පවසයි.

අනතුරුව ඔහු බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් මිල ගණන් ඉදිරිපත් නොකර බැඳුම්කර හොරුන්ට බැඳුම්කර මිලයට ගැනීමට මහජන මුදල් ලබා දුන් දූෂිතයකු බවත් තමා සිතන ආකාරයට ඔහු දවසක සිරගත විය යුතු පුද්ගලයකු බව ද ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.

ඊයේ රාත්‍රී (23) දෙරණ අලුත් පාර්ලිමේන්තුවට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස