පිහි අරගෙන එද්දි පිරිත් කියන්න බෑ! මිරිස් කුඩු ගැහුවේ ආත්මාරක්ෂාවට! – ප්‍රසන්න

June 25, 2020 at 7:54 am | by emanisa.lk

තමා පාර්ලිමේන්තුවේ දී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ ඇයි දැයි යන්න පිළිබඳව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඊයේ (24) ප්‍රථම වතාවට හෙළිදරව් කරන ලදී.

තමා එදා පාර්ලිමේන්තුවේ දී මිරිස් කුඩු ගැහුවේ අවම බලය පාවිච්චි කිරීමක් ලෙස බව ඔහු සඳහන් කරයි.

පිහි අරන් එන විට ඊට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වනවා මිස පිරිත් කීමට නොහැකි බව ද පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සිරස නාළිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස