වෙසක් සැමරුම් නිවසට සීමා කරන්න! – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්…

May 2, 2020 at 7:02 am | by emanisa.lk

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

හැකිතාක් දුරට නිවස මුලික කර ගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවත් විහාරස්ථාන තුළ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසත් එම උපදෙස් මාලාවේ අඩංගු වෙයි.

වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස