රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වීරපුර ගම්වාසීන් නව විකල්පයක් භාවිත කරමින් ඇතැයි වාර්තා වෙයි.
ඒ තම ගම්වාසීන් විසින් ගමට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂබීජි හරණයකට ලක් කිරීමයි.
එසේම අත්‍යවශ්‍ය නොවන කටයුත්තක් සඳහා ගමට පිවිසීම මෙන්ම ගමෙන් පිටවීම ද තහනම් කර තිබේ.
මේ සඳහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව සඳහන්ය.
සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශවාසීන් විසින් මෙම විෂබීජි හරණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා.