ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන බව උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති පේෂල ජයරත්න පවසයි.
එහෙයින් පොළොන්නරුවේ ජනතාව තමන්ට ඡන්දය ලබා දෙන බවට ද ඔහු විශ්වාසය පළ කළේය.
පොළොන්නරුවට වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන සහ තමන් බවත් එහෙයින් ජයග්‍රහණය ස්ථිර බවත් හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.