ආරක්ෂක අමාත්‍යාංශයට 2017 වර්ෂයේදී රු. මිලියන 1300 ක් වටිනා සන්නිවේදන උපකරණ මිලදී ගත් දූෂිත ගනුදෙනුව සිදු කළ ඊශ්‍රායල් සමාගම මේ වන විට වසා දමා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
අදාළ ඊශ්‍රායල් සමාගම සමග එක්වී ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම උපකරණ මිලදී ගෙන තිබූ අතර ඒ සඳහා වටිනාකමෙන් 80%ක් මුදල්ද ගෙවා තිබිණි.
එවකට සිටි හමුදාපතිවරුන් හෝ බුද්ධි ප්‍රධානීන්ගෙන් විමසීමකින් තොරව ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය බව හඟවා හදිසි මිලදී ගැනීමක් ලෙස රු. මිලියන 1300 ක මෙම සන්නිවේදන හා තාක්ෂණ උපකරණ මිලදීගෙන ඇතැයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹුණේ පසුගිය සතියේදීය.