නුගේගොඩ සජිත් සුළඟ කොට උඩ! සජිත් පිලෙන් කොටහක් රනිල් තුරුලට!

January 25, 2020 at 11:58 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සුදානම් කළ රැස්වීම් මාලාව අත්හිටුවා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීය.

එය සංවිධානය කිරීම ම මේ වන විට නතර කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත්කිරීමේ තීරණයත් සමග සජිත් පිළේ ඇතැමුන් රනිල් වික්‍රමසිංහ සමග සමීපව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස