දේශපාලන පන්දමට රාජ්‍ය ආයතන ලොක්කන් වූ යුගයට තිත! අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අනිවාර්ය කෙරේ!

November 23, 2019 at 3:18 pm | by emanisa.lk

රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල ආදීයෙහි සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩලවලට අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය දැනුම ඇති පිරිස් පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

නව අමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඊයේ (22) මේ බව සඳහන් කළේය.

දැනට පවතින රාජ්‍ය ආයතන සියල්ලක්ම පාහේ පාඩු ලබමින් පවතින බවද ඒවා ලාබ ලැබීමේ ආයතන කිරීමට නම් ආයතන කාර්යක්ෂම කර ගැනීමට හොඳ අධ්‍යක්ෂ මණ්ඩයක් සිටිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ඒ සඳහා තෝරාගන්නා සියලු ප්‍රධානීන් කාර්ය මණ්ඩලය තේරීම් මණ්ඩලයක් මගින් තෝරාපත් කර ගත යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා එවැනි පිරිස් සිටිනවා නම් තේරීම් මණ්ඩලයට යොමු කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම නිපුණතා රහිත රැකියා ඇබෑර්තු දුප්පත් පවුල් වෙත ලබා දිය යුතු බවත් ඒ ඒ ඇමතිවරයාගේ දිස්ත්‍රික්කයෙන් නොව රට පුරා සිටින ජනතාවට එම අවස්ථා ලබා දිය යුතු බවත් මැති ඇමතිවරු එවැනි පවුල් පිළිබඳ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දිය යුතු බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස