හැට වසරක් කරන්න බැරි වුණු සංවර්ධනයක් අපි වසර 4කින් කළා! එහෙම සංවර්ධනයක් වෙන කාටවත් කරන්න බෑ! කොළඹ ලස්සන නවීන නගරයක් කළෙත් අපි! – අගමැති

August 23, 2019 at 3:52 pm | by emanisa.lk

වසර හැටකට ආසන්න කාලයක් තිස්සේ කරගත නොහැකි වූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ (22) බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“අද අපි දකින්නේ අලංකාර කොළඹක්. ලෝකයේ අනිත් රටවල වගේ අලංකාර නගරයක් ලෙස කොළඹ පරිවර්තනය කිරීම. අවුරුදු 50ක් 60ක් රට කිසිම සැලසුමක් නැතිව සංවර්ධනය වුණා. මේ අමාත්‍යාංශයේ ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50ක් 60ක් කරන්න බැරි වුණ සංවර්ධනය අපි පසුගිය අවුරුදු 4 තුළ කළා. මේ බෝට්ටු නිර්මාණය කිරීම ගැන මං නාවික හමුදාවට ස්තූති කරනවා. දැනට බෝට්ටු 2ක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා පැය භාගයක් යන ගමන විනාඩි 10කින් යන්න පුළුවන්.

දැන් අපිට අලංකාර නගරයක් තියෙනවා. නවීන නගරයක් තියෙනවා. වෙන කවුරු කිව්වත් කොළඹ හැදුවා කියලා, කොළඹ හැදුවේ මේ චම්පික රණවක ඇමතිතුමයි අනිත් ආයතනයි එකතුවෙලා. අපිට ඕන කොළඹ නගරය දකුණු ආසියාවේ ලස්සනම නගරය කරන්න. කොළඹ මහ නගරයක් කිරීමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපි. වෙන කාටවත් ඒක කරන්න බෑ.

අපි උත්සාහ කරන්නේ විශාල ආයෝජන මෙරටට ලබා ගෙන අපනයන ආදායම වැඩි කරන්න. අපි දියුණු රටක් වෙනවා නම් අපිට හැමදාමත් ණයට ගන්න බෑ. හිගාකන්න බෑ. ආත්ම ගෞරවයක් ඇතිව අපි ඉදිරියට යන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස