මෙරට විශාලතම ජලාශය වන සේනානායක සමුද්‍රය හැදුවේ ඉංග්‍රීසි ජාතිකයෙකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
රජ දවසින් පසුව මහා පරාක්‍රමබාහු සමුද්‍රය ප්‍රතිසංස්කරණය කළේ මුස්ලිම් ඉන්ජිනේරුවකු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාති ආගම් ලෙස දේශපාලන පක්ෂ බිහි කර සංවර්ධනය බිඳදමමින් රට විනාශ කිරීමට පටන් ගත්තේ පනහ දශකයෙන් පසු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
මොරගහ මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති ඉදිකිරීමේ දී සේවා සැපයූවන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.