94 ඉඳලා ඇමතිකම් කරල රෙකෝඩ් තිබ්බ මට ඇමතිකමක් නැතිකම දරාගන්න බෑ! – එස්.බී.

November 7, 2020 at 1:15 pm | by emanisa.lk

1994 සිට ම තමන් කැබිනට් අමාත්‍ය ධූර දැරූ අතර ඒ සෑම අමාත්‍ය ධූරයක් මගින්ම සුවිශේෂී වාර්තා රැසක් තමා තැබූ බැවින් අමාත්‍ය ධුරයක් නැතුව සිටීම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් බව එස්.බි.දිසානායක පවසයි.

තමා සාමාන්‍ය අමාත්‍යවරයෙකු නොවන බවත් තමන් වගකීම් දැරූ ක්‍රීඩා, සමෘද්ධි හා කෘෂිකර්ම යන අමාත්‍යංශ හරහා නිර්මාණශීලි හා ඵලදායි කටයුතු රැසක් කළ බවද ඔහුගේ අදහස වී තිබේ.

1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම, ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනා ගැනීම මෙන්ම මළල ක්‍රීඩා තරග වලදී නව ආසියානු වාර්තා 08ක් තැබීම තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ කාලයේදී සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම සමෘද්ධිය හරහා දුප්පත්කම තුරන් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වාර්තාගත වී අස්වැන්නක් මෙන්ම කිරි නිෂ්පාදනය ද ඉහළ දැමීමට තමාට හැකි වූ බව දිසානායක අවධාරණය කරයි.

ඉදිරියේදී සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධන පිළිබඳව තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය එස්.බි.දිසානායක මහතාට පිරි නමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස