60ට වැඩි අයට එන්නත දුන්නොත් මරණවලින් 90%ක් වළක්වා ගන්න පුළුවන්…! – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

June 12, 2021 at 11:50 am | by emanisa.lk

වයස අවුරුදු 60ට වැඩි ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමෙන් මෙරට දෙනිකව මිය යන පිරිස 90%කින් පමණ අඩු කරගත හැකිවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

“අපි 60ට වැඩි අයට එන්නත්කරණය කරොත් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90කින් අඩු ක ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් 40 – 50ත් ප්‍රමාණයක් මිය යනවා. මේ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවට සති 4ක් විතර ඇතුළත පහළ යනවා.

ආර්ථික වැදගත් කොටස්වලට ලබා දෙනකොට අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම එන්නත් ලබාදීම කළ යුතුයි. ඊට පස්සේ පාසල් දැනට වහලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ගුරුවරු ලංකාවේ තුන්ලක්ෂ ගාණක් ඉන්නේ ඔවුන්ට එන්නත දෙන්න කියල. ඔවුන්ට එන්නත ලබාදීම සඳහා ලබන මාසේ වන එනම් ජූලි මාසය වන විට කටයුතු කරන්න කියලා. ඒ තුළින් පාසල් විවෘත කරගැනීමේ අවස්ථාවක් තියෙනවා.”

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස