අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී වසර 04ක බරපතළ සිරදඬුවම් ලද රංජන් රාමනායක අද (02) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමෙනි.
සිය දඬුවම පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ ද එය එදින ම ප්‍රතික්ෂේප විය.