මහ මැතිවරණයත් පරදිනවා නම් රනිල් සජිත්ට නායකත්වය දෙයි! – චමීර පෙරේරා

December 15, 2019 at 4:07 pm | by emanisa.lk

සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස පරාජය වන බව රනිල් වික්‍රමසිංහ දැන සිටියත්, ඔහු ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා අද(15) පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ ජාතික මහජන සභාව හැටන් නගරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.

එළඹෙන මහ මැතිවරණයේදී මන්ත්‍රීධුර 113 දිනාගැනීම කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ පැවසූයේ මහ මැතිවරණයේදී නායකත්වය ලබා ගැනීමේ අරමුණක් ඇති බැවින් යැයිද චමීර පෙරේරා අකියාසිටියේය.

මේ රටේ ලක්ෂ 55ක ජනතාව සජිත් ප්‍රේමදාස ඉල්ලන බවත්, මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ නාකත්වය ලබා දිය යුත්තේ සජිත් ප්‍රේමදාසට බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා දුන්නේ දින 35 කට පෙර බවත්, මහ මැතිවරණයේදී ද එක්සත් ජාතික පක්ෂයේ පරාජය වන බව දැන ගතහොත් නායකත්වය ද සජිත් ප්‍රේමදාසට ලබාදීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනු ඇති බවත් චමීර පෙරේරා එහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස