225ම එපා කී උද්ඝෝෂකයෙක් අනුරගේ කැබ් එකේ නැඟ යයි…!

April 5, 2022 at 8:01 pm | by emanisa.lk

අද (05) පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග වසා ගෙන ජනතාව විරෝධතාවල නිරත වූහ.

බොහෝ මන්ත්‍රීවරුන් ඒ වන විට නික්ම ගොස් තිබුණ ද සුළු පිරිසක් ඊට මැදි වූහ.

ජවිපෙ නායක අනුර දිසානායකට ද එම උද්ඝෝෂණකයින් පිරිසක් බැණ වැදුණු අතර ඔහුගේ වාහනය ඒ සමග ඉදිරියට ගියේ ය.

ඒ සමග ඉදිරියට දිව ගිය තරුණයකු වාහනය නතර කර ඔහු සමග සුහදව කතා කළ අතර අනුර දිසානායක හොරු ඇල්ලීමට ප්‍රතිඥා දුන්නේ ය.

ඒ අතර විරෝධතාවෙහි නිරත වෙමින් සිටි අයකු මන්ත්‍රීවරයාගේ කැබ් රථයේ පසුපස අසුනට ගොඩ වී නික්ම යනු දක්නට ලැබිණි.

මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා ම සැලසුම් සහගත ලෙස සිදුකළ රඟපෑමක් බවට සමාජ මාධ්‍යවල අදහස් පළව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *