යහපාලන හොරු අල්ලන කමිටුව කෝටි 03ක් බෙදාගෙන! රනිල් අනුර සුමන්දිරන් වැලිඅමුණ කමිටුවේ!

September 12, 2020 at 12:03 pm | by emanisa.lk

පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිවිය.

ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේය.

එවකට අගමැති රනිල් විසින් ඇති කළ මෙම කමිටුවට දේශපාලන පක්ෂ වල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සාමාජිකයන් විය.

කැබිනට් මන්ඩලයටත් ඉහළ බලතල තිබූ මෙම කමිටුව රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ රැස්ව තිබිණි..

මෙම කමිටුව විසින් මහජන මුදල් කෝටි තුනකට අධික ප්‍රමාණයක් වැටුප්, දීමනා හා සෙසු වියදම් වශයෙන් ලබා ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන්, ජේ.සී. වැලිඅමුණ එහි සාමාජිකයන් බව වාර්තා වෙයි!

එහිදි එම කමිටුව වෙනුවෙන් යහපාලන රජය ලබා දී තිබෙන මුදල රුපියල් තුන්කෝටි තිස්හත්ලක්ෂ දාහතරදහස් අටසිය හතක් (33714807.59)ක් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස