චන්ද්‍රිකා මහින්ද එක්කත් අනුරල දීග කෑවා..! මග දී හොඳ ගාණක් පොකට් ගහ ගෙන හොරු අල්ලන්න දුවනවා..! – සජබ..

February 5, 2022 at 9:55 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.

අනුර දිසානායකලා, චන්ද්‍රිකා කුමාරතුංගත් එක්ක දීග කා මැදක් යන විට පික් පොකට් එක ගහලා සාක්කුවට සල්ලි ටික දාගෙන ඒ ආණ්ඩුවට හොරා කියූ බවත් 2005 දීත් මහින්ද රාජපක්ෂ බලයට ගෙනවිත් පික් පොකට් ගසා ඒ ආණ්ඩුවටත් හොරා කියා හොරු අල්ලන්න දිවූ බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එලෙස ඩීල් දැමූ අය නැවත වරක් ඩීල් එකක් දමාගෙන ඇති ආකාරය පෙනෙන්නට ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද කෑ ගහන හැම දෙනාම එදා යහපාලන ආණ්ඩුවේ හරියට වැඩ කළා නම් අද මහින්ද රාජපක්ෂලා නැති බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ අද (05) බණ්ඩාරවෙල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස