2025 සමග බලේ සංවත්සරේ ගන්නේ මම ජනාධිපති වෙලා….! – සජිත්…

March 15, 2021 at 8:49 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේග පළමු සංවත්සරයට කොළඹ හයිඩ් පිටියේ දී අද(15) එකතු වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

2025 වසරේ දී පක්ෂයේ සංවත්සරය සමරන විට සමගි ජන බලවේගය රටේ බලය අතට ගෙන පොදු ජනතාව දිනවීමට කැපවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මී ළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු නොවන බවත් ඔහු පොදු ජනතාව දිනවන් අපේක්ෂකයා බවත් විපක්ෂ නායකවරයා එහි දී සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව යටතේ රට සෑම අතින්ම පිරිහීමට පත්ව ඇති බවත් රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා එකට සිට ගැනීමට සියලු කණ්ඩායම්වලට තමන් ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *