2024ත් ජනපති අපේක්ෂක ගෝඨාමයි…! ප්‍රතිවාදියා සජිත්….!

March 5, 2021 at 8:39 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වූ වාර්තාව අසත්‍ය බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පසුගිය කැබිනට් හමුවේ දී තමා එළාඹන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් සුළු ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයෙක් සූදානම් තරන ලෙසත් යම් සිංහල ඡන්ද ප්‍රමාණයක් ඔහුට ලබා දීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා පැවසුවේ යැයි එම වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

කෙසේ වුව ද මෙම අසත්‍ය පුවත විපක්ෂ කණ්ඩායම් මහත් අභිරුචියෙන් බෙදා ගන්නා ආකාරය දැකගත හැකි විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ නැවත පොදු අපේක්ෂකයින්ට ඉඩක් නොමැති බවත් ආණ්ඩුවට අභියෝග කළ හැකි එක ම නායකයා තමා ම පමණක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස