20 වෙනි සංශෝධනය කෙටුම්පත් කළේ මම නෙමෙයි! – අධිකරණ ඇමති

September 13, 2020 at 12:01 pm | by emanisalk

දැනට ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කර 20 වන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ තමන් නොවන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි සඳහන් කරයි.

නමුත් 20 වන සංශෝධනය මගින් සිදු වන්නේ 19 සංශෝධනය ඉවත් කර ඊට පෙර තිබූ තත්ත්වයට යාම පමණක් බව ද ඔහු කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරන්නේ මෙම කෙටුම්පත සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බවයි.

නමුත් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් බව ද ඇමැතිවරයා පැවසීය.

මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ මෙම සංශෝධනය සකස් කළේ කවුදැයි ආණ්ඩුව පාර්ශවයෙක් කිසිවෙකු වගකීම බාර නොගන්නා බවත් එය දැන් අවජාතක එකක් වී ඇති බවත්ය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස