20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහාය දීමට සූදානමින් සිටින බව ඇමැති එස් එම් චන්ද්‍රසේන සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි ද ඔහු කියා පැවසීය.
ඇතැම් විට ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රී සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ යා හැකි යැයි ද ඔහු කීය.
20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු එක් කර ගැනීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුව තිබේ.