20ට විරුද්ධ විමල් ඉන්න ඕන අපි එක්ක විපක්ෂයේ! – රාජිතගෙන් විමල්ට ආරාධනා…

September 16, 2020 at 8:05 am | by emanisa.lk

1978 අවස්ථාවට එක්වූ ජනතා ජනතාවාදී සංශෝධන දෙකක් වන්නේ 17 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

17 වන සංශෝධනය 2002 වසරේ ඇති කිරීමට අද ආණ්ඩුවේ සිටින විමල් වීරවංශ එදා තමන් සමග එක්ව සටන් කළ බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ අතීතය අද ද මතක ඇති නිසා විමල් වීරවංශ අද 20වන සංශෝධනයට විරුද්ධව යමක් කරන්නට හදන බව සේනාරත්න සඳහන් කළේය.

එනිසා වීරවංශ සිටිය යුත්තේ මෙම ව්‍යවස්ථාවට එරෙහි නියම තැන බවද ඔහු කියා සිටියේය.

අද වන විට ආණ්ඩුව තුළ ම 20 වන සංශෝධනය විරුද්ධව කතා කරන බවත් ඒ හරහා ආණ්ඩුව දෙදරීමකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

කොළඹ නව නගර ශාලාවේ දී පැවති ‘දහනවයෙන් ඉදිරියට’ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස