20ට පක්ෂව දැනට ම ඡන්ද 165ක්! විපක්ෂයෙන් 05ක් සූදානම්!

September 13, 2020 at 2:29 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු පවසයි.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම නිල නොවන මට්ටමින් හමුවී සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් එම විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ද වෙනම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව දැන ගන්නට ඇත.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව විශාල ජනවරමක් ලබාදී තිබෙන බැවින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු බවට ඔවුන් එකඟත්වයකට පැමිණ තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් ද ඒ අතර සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස