ගෝඨාභයට ඡන්දය දෙන්න එපා! කුඩුකාරයින් 100ක් උපවාසයේ! දිනක වැටුප රු. දහදාහයි!

November 12, 2019 at 11:21 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය ලබා නෙදෙන ලෙසට බලකරමින් ගෝල්ෆේස්හි පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුව අසල මත්කුඩුලෝලීන් 100 ක පිරිසක් යොදවා උපවාසයක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි ඊයේ (11) පැවැසීය.

මෙම උපවාසය සඳහා මත්ලෝලී පුද්ගලයන් සොයාදෙන ලෙස අලුත්කඩේ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ මහත්මයකුට ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ අනුව නීතිඥයා මෙම පිරිස එකතු කරමින් සිටින බවත් හෙතෙම හෙළි කළේය.

උපවාසයේ යෙදෙන පිරිසට නිල්පාට ටී ෂර්ට් හා නිල්පාට කැප් පළඳවා හෙට (13) සිට මැතිවරණය දිනය දක්වා උපවාසයේ යෙදීමටත් ඒ සඳහා එක් අයකුට රුපියල් 10,000 ක මුදලක් ලබාදීමටත් මෙය සංවිධානය කරන පිරිස් සැලසුම් කර තිබෙන බව ඔහු කීය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයක් ලබන බවට පෙනී යන නිසා එය වැළැක්වීමට දරන මෙවැනි කටයුතු නිසා ඇත්ත ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡන්දය ගෝඨාභය රාජපක්‍ෂට ලබාදීම ස්ථිර බවත් සිසිර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස