13 වන සංශෝධනයේ ඇතැම් කරුණු ප්‍රායෝගික නෑ! ඒ සඳහා දේශපාලකයන් විකල්ප සෙවිය යුතුයි! – ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කෙළින්ම කියයි….

January 7, 2020 at 10:11 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.

මනා ලෙස සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කථාව අගය කළහ.

ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස මෙහිදී ජනාධිපතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu), ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ (Mr. Jorn Rohde), ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්‍රා බයිස්ට්‍රෝචි (Ms Allegra Baistrocchi), ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප් (Ms. Tanja Gonggrijp), ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ (Mr. Victor Chiujdea) යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් (Mr. Denis Chaibi) මහතා ද හමුවට එක්ව සිටියහ.

සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.

මනා ලෙස සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කථාව අගය කළහ.

ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස මෙහිදී ජනාධිපතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu), ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ (Mr. Jorn Rohde), ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්‍රා බයිස්ට්‍රෝචි (Ms Allegra Baistrocchi), ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප් (Ms. Tanja Gonggrijp), ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ (Mr. Victor Chiujdea) යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් (Mr. Denis Chaibi) මහතා ද හමුවට එක්ව සිටියහ.

සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස නිදසුනක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ එහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බවයි. ඒ වෙනුවට දේශපාලනඥයන් විසින් කළයුතු වන්නේ විකල්ප විසඳුම් සෙවීමයි. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් පොලිසිය දේශපාලනීකරණය වීම ජනාධිපතිතුමා උදාහරණයක් ලෙස ගෙන දැක්වීය. පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප්‍රායෝගික බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටලු විසඳීමට මගපාදනු ඇතැයි එතුමා පැවසිය.

කෘෂිකර්මාන්තයට බලපාන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාසය බවත් හරිතාගාර වැනි ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කළයුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතය දක්වා විතැන් විය යුතු බව ද කියා සිටියේය.

මෙය විවිධ වෙළෙඳපොළ ආකර්ශනය කර ගැනීමට හේතුවක් වනු ඇත. මෙවන් පරිවර්තනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ පිළිකාකාරයක් සහ අපගේ ජල මූලාශ්‍ර දූෂණය වීමේ එක් ප්‍රධාන සංඝටකයක් බවට රසායනික පොහොර සහ පළිබෝධ නාශක පත්වීම නිසා බව ද පැවසීය.

සිය අදහස් පළ කළ නෙදර්ලන්ත තානාපතිවරිය කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ වන විටිත් ඒකාබද්ධ ගිවිසුම් ක්‍රියාත්මක බව සඳහන් කළාය. කෙසේ වුවත් තානාපතිවරිය කියා සිටියේ පරිවර්තනීය කටයුතු සාර්ථක විමටනම් පරිපාලන අධිකාරීන්ගෙන් දැනට වඩා සහයෝගයක් ගොවීන්ට ලැබිය යුතු බවයි.

ඉතාලි රජයේ සහයෝගයෙන් ඌව පළාතේ ගෙවිළියන් සදහා ක්‍රියාවට නංවා ඇති කුළුබඩු වගා ව්‍යාපෘතියක් පිළිබඳව සඳහන් කළ ඉතාලි තානාපතිවරයා ගොවීන් 400ක් පමණ ඊට සම්බන්ධ වී සිටින බව කීය.

දූෂණය පිටුදැකීමට, විනිවිදභාවය සහතික කිරීම, දක්ෂතාවට සහ හැකියාවට වටිනාකමක් ලබාදීම ජනාධිපතිවරයාගේ කැපවීම පිළිබදව නියෝජිත කණ්ඩායම සිය ප්‍රශංසාව පළ කළහ.

විශ්වාසවන්ත සහ දිගුකාලීන මිතුරෙකු වශයෙන් යුරෝපා සංගමය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව ඔවුහු සඳහන් කළහ. යුරෝපා සංගම් සමාජිකයන් සමග විශ්වාසය වර්ධනය කර ගැනිමේ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ අවංක සහ කාර්යක්ෂම පරිපාලනය බව ද ඔවුහු පැවසූහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස