100%ක් සාර්ථක රුසියානු එන්නත ලංකාවේ නිපදවන්න සැලසුම්…! රාජ්‍ය අමාත්‍ය චන්න රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා…!

January 30, 2021 at 11:17 am | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලසුම සලකා බලා එම සංවිධානය මෙම තීරණයට එළැඹ ඇත. මාස හයක වැනි කාලයක් තුළ ජනගහනයෙන් 20%ක් සඳහා එන්නත් වරින් වර ලබාදීමට සූදානමින් සිටියි. මෙහි දී ෆයිසර් හෝ ඇන්ට්‍රා සෙනිකා එන්නත ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ඊයේ (29) බස්නාහිර පළාතේ රෝහල් 09 කදී ආරම්භ කෙරිණි. දිවයින පුරා මධ්‍යස්ථාන 4000කදී එන්නත් ලබාදීම අද (30 වැනිදා) ආරම්භ වන අතර එය දින පහකින් අවසන් කිරීමට නියමිත බව වාර්තා වුනා.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ සියයට 50කට පමණ එන්නත් ලබාදීම කඩිනමින් සිදු කිරීමේ අරමුනින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාද එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. එහි දී ෆයිසර් එන්නත ලබා ගැනීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛදය අමල් හර්ෂ ද සිල්වා පැවැසීය.

තවද රුසියාවේ හා චීනයේ නිෂ්පාදිත එන්නතක් ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් රුසියාවේ නිෂ්පාදිත එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් විශේෂඥ වෛදය අමල් හර්ෂ ද සිල්වා අනාවරණ කොට ඇත.

පන්නල හා හොරණ පිහිටි එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක දී එම එන්නත නිෂ්පාදනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. තව ද ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන රුසියාවේ එන්නත් නිෂ්පාදන සමාගම සමග පසුගිය සතියේ දුරකතන සංවාදයක් ද පවත්වා තිබෙන බව වාර්තා වෙයි. රුසියානු එන්නත 100%ක් සාර්ථක බව පසුගිය දා වාර්තා විය. මෙතෙක් 100%ක සාර්ථකත්වයක් ලබාගත් එකම එන්නත එයයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *