හොරගොල්ල වළව්වට මහ රෑ හොරු පනී….! වාසනාවට චන්ද්‍රිකා ඉඳල නෑ…!

January 21, 2021 at 9:11 am | by emanisa.lk

ජනාධිපති ආරක්ෂක අංශය ද යොදවා තිබිය දී නිට්ටඹුව හොරගොල්ල වළව්වේ දොරක් කඩා කිසියම් පුද්ගලයකු ඊයේ (20) අලුයම ඊට ඇතුළු වී ඇති බව ​පොලිසිය පවසයි.

වළව්ව අබියස බණ්ඩාරනායක සමාධියට ඇතුළු වන ගේට්ටුවේ පොලිස් මුරපොළක් ද තිබියදී මෙලෙස හොරෙකු
ඇතුළුවීම විමතියට හේතු වී ඇත.

වළව්වේ පිටුපස දොරේ වීදුරුව බිඳ අගුල ඇරගෙන සැකකරු ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවල දී තහවුරු වී ඇත.

මෙම පුද්ගලයා ඇතුළු වන අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය වළව්වේ සිට නැති අතර ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 3 දෙනෙකු රාජකාරියේ සිට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස