හෙළ වෙදකම ලියූ පුස්කොළ පොත් රැසක් විදෙස් පුස්තකාලවල! නැවත සිය රට ගෙන්වන්න සැලසුම්!

November 16, 2020 at 12:20 pm | by emanisa.lk

පසුගිය යටත් විජිත යුගයේ දී බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් නැවත ගෙන්වා ගැනීමට සාකච්ඡා කරමින් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවිමේ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පුස්කොල පොත් රැසක් ලන්ඩන් නුවර කෞතුකාරාගවල ඇති බවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ හෙළ වෙදකම ඇතුළු අතීතයේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය පිළිබඳව ලියා ඇති පුස්කොල පොත් ඉතා වටිනා සම්පතක් බවත් ඒවා ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරිමට කටයුතු කළ යුතු බවත්ය.

මෙහි දී අදහස් දැක්වු දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ මෙම පුස්කොල පොත් හෝ ඒවා පිටපත් කර මෙ රටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සාකච්ඡා කරමින් ඇති බවය.

බ්‍රිතාන්‍යයේ ඇති පුස්කොල පොත්වල එක් පිටුවක් ඡායාපිටපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 25ක් අය කරන බවත් කෙසේ හෝ මෙම පුස්කොල පොත් ගෙන්වා ගැනිමට හෝ අදාළ විස්තර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම කමිටු රැස්වීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස