හෙදියෝ 246කට කොවිඩ් හැදිලා…! රට විසාලා මහනුවරක් නොකර වහන්න…! – හෙද සභාපති හිමි…

May 10, 2021 at 9:55 pm | by emanisa.lk

මේ වන විට රට පුරා හෙද නිලධාරීන් 246 දෙනෙකු කොවිඩ් ආසාදනයට ගොදුරු වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ආණ්ඩුවට මෙම වසංගත තත්ත්වය පාලනය කරගත නොහැකි නම් අවම වශයෙන් සති දෙකක් සඳහා රට වසා දමන ලෙස එහිමියෝ පැවසූහ.

මහජන ඉල්ලීමට කල් දී මේ රට විශාලා මහනුවරක් නොකර සති දෙකක් රට වසා දමා වසංගතය අවසන් කර දමන ලෙස ආනන්ද හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. මේ ආකාරයට ඉදිරියට ගියහොත් සැප්තැම්බර් මස වන විට මේ රටේ 28 000ක් පමණ මිය යාමේ අවදානමක් ඇතැයි ද එහිමියෝ පවසති.

එසේ නොවුණ හොත් ඇමරිකානු වාර්තා කෙසේ වුව ද මේ රට නුදුරේ දී ම විසාලා මහනුවරක් වනු ඇතැයි එහිමියෝ අනතුරු අඟවති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *