අරලියගහමැදුර ලොක්ඩවුන් කතාව බොරුවක්! නිල රාජකාරී කටයුතු දිගට ම!

November 22, 2020 at 3:55 pm | by emanisa.lk

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කළ බවට ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එහි කටයුතු සිදුවන බව ද වාර්තා වෙයි.

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා තිබූ ආරක්ෂක සෙබළුවන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති නිසා එය ලොක්ඩවුන් කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වුවද අගමැති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විජයානන්ද හේරත් පවසන්නේ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යයතාවක් නොමැති බව ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සීමිත සේවක පිරිසක් සහිතව අගමැති නිවසේ රාජකාරී කටයුතු ක්‍රියාත්මක බවත් සියලු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක අතර ලොක්ඩවුන් කිරීමක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *