කොළඹ පොලිස් බල ප්‍රදේශ 05ක් ලොක්ඩවුන්! ගම්පහ පොලිස් බල ප්‍රදේශ 07ක් දිගට ම ලොක්ඩවුන්!

November 14, 2020 at 9:34 pm | by emanisa.lk

සඳුදා අලුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ ලොක්ඩවුන් කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ලොක්ඩවුන් කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

මීට අමතරව දැනට ලොක්ඩවුන් කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ තව දුරටත් එම තත්ත්වයේ පවතිනු ඇත.

ඒ හැර දැනට ලොක්ඩවුන් කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට ඉන් මුදවනු ඇත.

කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ ලොක්ඩවුන් කරන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *