හෙට අලුයම 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිල පාර ග්‍රාම නිලධාරි වසම් ඊට අයත් වේ.
එසේ ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුන්දුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම් ද පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගඟබඩ, මිගවත්ත, පට්ටිය – උතුර ග්‍රාම නිලධාරි වසම් ද කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා කරනු ඇත.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරි වසම ද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ පෙර සඳහන් ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශ ද පෑලියගොඩ පොලිස් වසමේ පෙර සඳහන් කළ ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශ ද කැලණිය පොලිස් වසම ද හෙට අලුයම 5.00 සිට හුදෙකලාභාවයෙන් මුදා හැරිමට තීරණය කොට ඇත.