පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක, නීතිඥ, අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පල කරන ලදී.
මොන්ටෙවිඩේයෝ සම්මුතියේ සඳහන් වෙනම රාජ්‍යයක් සඳහා වන ලක්ෂණ හතරම වරාය නගරයට තිබෙන බව මා උගත් මිත්‍ර ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමාට පවසනවා. ඒක වැරදියි. සම්මුතියට අනුව වෙනම රාජ්‍ය්‍යක් වෙන්නට නම් නිශ්චිත ජනගහනයක්, නිශ්චිත භූමියක්, ආණ්ඩුවක්, වෙනත් රාජ්‍යයන් සමග සබඳතා ගොඩ නැගීමේ හැකියාවක් තිබිය යුතුයි. මේ ලක්ෂණ හතරින් වරාය නගරයට තිබෙන්නේ නිශ්චිත භූමියක් පමණයි.
මේ භූමියේ සිටින්නේ ලංකාවේ පුරවැසියන් සහ ලංකාණ්ඩුව වීසා ලබා දුන් විදේශිකයින් මිස එම භූමියට අයිති පිරිසක් නොවේ. මෙම භූමිය පාලනය වන්නේ ලංකාවේ නීතියට අනුව ලංකාණ්ඩුව මිස වෙනම ආණ්ඩුවක් නොවේ. කොමිසමට සාමාජිකයින් පත් කරන්නේ රටේ ජනතාව තෝරා ගත් විධායක ජනාධිපති. වෙනත් රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළැඹීමට කොමිසමට බලයක් ලබා දීලා නෑ.
මොන්ටෙවිඩේයෝ සම්මුතිය අනුව වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත් කරන්නේ පනතේ කුමන වගන්තිවලින්දැයි විජේදාස මන්ත්‍රිතුමා රටට කිව යුතුයි. වරාය නගරය මුදල් විශුද්ධිකරණ තිප්පලක් වන්නේ පනතේ කුමන් වගන්තිවලින්දැයි ඇමෙරිකානු තානාපතිනිය රටට කියන්න ඕනෑ. ලංකාව චීන කොලනියක් වන්නේ කෙසේදැයි ඕම්ල්පේ සෝභිත නාහිමියන් රටට කිවයුතුයි. බුදු හාමුදුරුවන් නම් කාලාම සූත්‍රයේ දේශනා කළේ කරුණු සොයා නොබලා අනුන් කියන පලියට පිළිගන්න එපා කියලා. අපේ ස්වාමීන් වහන්සේට කාලාම සූත්‍රය ගැන හොද අවබෝධයක් ඇති බව මා පුද්ගලිකවම දන්න කාරණයක්.
වරාය නගර කොමිෂන් සභා පනතට අද විපක්ෂය විරුද්ධ වුණත් 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතත් බොහෝ දුරට මීට සමානයි. වරාය නගර කොමිෂන් සභා පනතට අද විරුද්ධ වන විපක්ෂය තමයි එදා මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත ගෙනාවේ. මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතයි යෝජිත වරාය නගර කොමිෂන් සභා පනතයි බොහෝ දුරට එක හා සමානයි. එහෙම වන්නේ කෙසේදැයි පෙන්වන්න මම මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කීපයක් උපුටා දක්වන්නම්.
1. එහි සමාගම්වලට විදේශ විනිමය මත බැංකු ගිණුම් විවෘත කර ගනුදෙනු කරන්න පුළුවන්.
2. 9(අ) වගන්තියට අනුව රෙගුලාසි සැකසීමේ බලය කොමිෂන් සභාවට තිබෙනවා.
3. 16(ආ) වගන්තිය අනුව ඉඩම් අත්පත් කර ගන්න විකිණීමට සහ බදු දීමට කොමිසමට බලය තිබෙනවා.
4. 18(1) අනුව අයබදු සහ ගාස්තු අය කිරීමට නීති සැකසීම සඳහා කොමිසමට බලය තිබෙනවා.
5. 22 වගන්තියෙන් පලාත්පාලන ආයතනයන්ගේ පාලනයෙන් කොමිසමේ භූමිය නිදහස් කර තිබෙනවා.
6. 26(2) ආරවුල් බේරුම්කරණය සඳහා මධ්‍යස්ථානයක් සැකසීමටත් අධිකරණ බලයක් කොමිසමට ලබා දී තිබෙනවා.
7. 27 වගන්තිය අනුව කොමිසමේ භූමි සීමාවෙන් පිටතට භාණ්ඩ ගෙන යනවා නම් බදු ගෙවිය යුතුයි.
8. 30 වගන්තිය අනුව ආදායම් බැර කිරීමට කොමිසමට අයිති අරමුදලක් තිබුණා.
9. 32 වගන්තියෙන් බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.
එදා පනත් 11ක් මහ කොළඹ ආර්ථික කොමිසමේ භූමියට අදාළ නොවුණා. අද පනත් හතක් පමණයි අදාළ නොවන්නනේ.
එදා කොමිෂන් සභාවේ බල සීමාව වුණේ උතුරට මහඔය ද දකුණට කැලණි ගඟ ද මායිම් වුණු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පදිංචි ඓතිහාසික ජනාවාස සහිත භූමියක්. එය මීගමුව, කටාන, ජා ඇල, මහර, වත්තල සහ කැලණිය යන මන්ත්‍රි කොට්ඨාශ ආවරණය වුණා.
මේ බලතලම ලබා දෙන වරාය නගර කොමිසමේ භූමිය ඓතිහාසික ජනාවාසයක් නොව ආයෝජකයින්ට ලබා දීම සඳහාම මුහුද ගොඩ කර ඉදි කළ එකක්. එදා මහ කොළඹ ආර්ථික කොමිසම බිහි කළ අයම අද වරාය නගර කොමිසමට විරුද්ධ වීම මේ සියවසේ ලොකුම විහිළුවයි.
එදාට වඩා අද ආයෝජකයින් ආකර්ෂණය සඳහා නම්‍යශීලි විය යුතුයි. 1977 දී ලංකාවේ නිදහස් වෙළඳ කලාප බිහි කරන විට විදේශීය ආයෝජකයින් සඳහා ආසියාවේ නිදහස් වෙළඳ කලාප තිබුණේ තායිවානය, සිංගප්පූරුව සහ මැලේසියාවේ පමණයි. අද ආසියාවේ බහුතරයක් රටවල නිදහස් වෙළඳ කලාප තිබෙනවා. සමාජවාදී චීනයේ පමණක් නොව කියුබාවේත් නිදහස් වෙළඳ කලාප තිබෙනවා. ඒ් තරගකාරි වටපිටාව හමුවේ වෙනදාට වඩා ආකර්ෂණීය සහන අද ආයෝජකයින්ට ලබා දීමට සිදු වී තිබෙනවා.
එදා ඩොලරය රුපියල් අටයි. අද ඩොලරය රුපියල් දෙසිය පහයි. ඒ නිසා වෙන කවදාටත් වඩා අද රටට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා.
පෙඩරල් ව්‍යවස්ථාව කරේ තියාගෙන ගිය පාකියසෝති සරවනමුත්තුලා ගාමිණි වියන්ගොඩලා එම්. ඒ. සුමරන්තිරන්ලා චීන කොලනියක් බිහි වෙනවා යනුවෙන් හඬ නගමින් මීට විරුද්ධවීම ඔවුන්ගේ දෛවයේ සරදමක් ද එහෙමත් නැතිනම් දෙබිඩි කුහක ප්‍රතිපත්ති ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවක් ද කියන එක තීරණය කිරීම මේ රටේ ජනතාවට බාරයි.
– midea unit