හානියක් නෑ කියල සෞඛ්‍ය අංශ කියනවා නම් භූමදානයට ඉඩදෙන්න…! – මැදගොඩ අභයතිස්ස හිමි…

January 3, 2021 at 9:44 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය අවුල් කර සමාජ ප්‍රශ්නයක් බවට පත්කළේ රජය විසින් බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ තීරණය කිසිදු අන්තවාදි බලවේගයකට යටත් නොවී සෞඛ්‍ය අංශ ගතයුතු බව ය.

“කොරෝනා වෛරසය තාම අපි හඳුනගෙන අවසාන නෑ. කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ විද්‍යාඥයින්ටත් තාම හරියට අවබෝධයක් නෑ. මේක තාම ලෝකයට අලුත්. ඒ නිසා මේ පිළිබඳව ගතයුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් වෙච්ච තීරණ නෙමෙයි.

නමුත් කොරෝනා දේහ භූමදානයෙන් හානියක් වන්නේ නැතැයි සෞඛ්‍ය අංශ පවසන්නේ නම් අනෙක් අයගේ ආගමික අයිතීන් පිළිබඳ කල්පනා කර බලා ඒ සඳහා අවසර දෙන්න අපි කැමැතියි. එහි දී සෞඛ්‍ය අංශ හරි තීන්දුවක් ගතයුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස