පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හදිසි හදවත් ශල්‍යකර්මයකට යොමු කරවීමට සිදුවූයේ ඔහු දැඩි අවදානම් තත්ත්වයක සිටි නිසා බව වාර්තා වෙයි.
කෙසේ වුව ද ඔහු රෝහල්ගත වූයේ රෝගී තත්ත්වයක් මත නොව තිස්ස කුට්ටිආරච්චි සිදුකළ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුව ගැනීමෙන් වැළකීම බව සඳහන් වෙයි. ඔහු රෝහලේ සිටින අතරතුර අත්අඩංගුවට ගැනීම වළකන ලෙස අධිකරණ නියෝගයක් ඉල්ලා උසාවියට ද ගියේ ය.
රෝහලේ දී සිදුකළ පරික්ෂා කිරීමක දී මන්ත්‍රීවරයාගේ හදවතේ රුධිර නාළිකා ගණනාවක් දැඩි ලෙස අවහිර වී ඇති බව හඳුනා ගෙන තිබේ. රුධිර නාළිකා දෙකක් 99%ක් ම අවහිර වී ඇති අතර නාළිකා 3ක් 90%ක් අවහිර වී තිබේ. තවත් නාළිකාවක 89%ක් අවහිර වී තිබේ. මෙම විස්තර සහිත ඡායාරූපය මුදාහැර තිබුණේ මන්ත්‍රීවරයාට හිතවත් ෆේස්බුක් පිටුවක් මගිනි.
මෙම තත්ත්වය තුළ හරීන් ප්‍රනාන්දු රෝහල්ගත නොවුණේ නම් ඔහුගේ ජීවිතය දැඩි අවදානමකට ලක්වීමට ඉඩ තිබූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙවර ඔහුගේ ජීවිතය බේරා දීම පිළිබඳ ස්තූතිවන්ත විය යුත්තේ දෙවියන්ට නොව තිස්ස කුට්ටආරච්චිට බවට සමාජමාධ්‍යවල අදහස් පළ වී තිබේ.