ඒකාධිපති ආණ්ඩුව භාෂණයේ නිදහස අහිමි කරල…! රටේ ප්‍රශ්න කතා කළ හරීන්ට රෝහල්ගත වෙන්න වෙලා…! – මද්දුමබණ්ඩාර…

April 26, 2021 at 2:29 pm | by emanisa.lk

මහජන ඡන්දයෙන් තේරි පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද රටේ පවතින ප්‍රශ්න ගැන කතා කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

හරීන් ප්‍රනාන්දු යම් යම් කරුණු පාර්ලිමේන්තුවේ දී එළිදරව් කළ විට ඒ පිළිබඳ පරීක්ෂණ කරනු වෙනුවට භාෂණයේ නිදහස අහිමි කළ ඒකාධිපති ආණ්ඩුව ඔහුට බලපෑම් කරමින් ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

මේ වන විට හරීන් ප්‍රනාන්දුට පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ කට උත්තර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර ඔහු නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රංජිත් මද්දුමබණ්ඩාර මෙම අදහස් දැක්වූයේ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට නවලෝක රෝහල වෙත පැමිණි අවස්ථාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *