හරීන් පහර දුන්නැයි තිස්ස පොලිසි යයි…! පහර දුන් හරීන් රෝහල්ගත වෙයි….!

April 22, 2021 at 7:55 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී තමන්ට පහර දුන් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රිවරයාගෙන් පැමිණිල්ලට අදාළ ප්‍රකාශය සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ ඇති වු සිද්ධියෙන් පසුව හරීන් ප්‍රනාන්දු තමාට පහර දුන් බවට තිස්ස කුට්ටිආරච්චි කට උත්තර ලබාදුන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර හරීන් ප්‍රනාන්දුගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්නා බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර හරීන් ප්‍රනාන්දු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *