හරීන් රට දැය සමය වෙනුවෙන් යුතුකම ඉටු කළ සත්‍යවාදී නායකයෙක්…! සත්‍යවාදියා වෙනුවෙන් සිරබත් කන්න මා ඇතුළු සමගි ජන බලවේගය ම සූදානම්..!

April 24, 2021 at 9:26 am | by emanisa.lk

හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිිළිබඳ කිසිවෙකු නොදත් කරුණු රාශියක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී හෙළි කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම හෙළිදරව්ව කළේ රට දැය සමය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ පිවිතුරු චේතනාවෙන් ද බව ද ඔහු පවසයි.

හරින් කතා කළේ සත්‍ය වෙනුවෙන් බවත් ඇත්ත කතා කළ එතුමාව අත් අඩංගුවට ගන්නවා නම් විපක්ෂ නායකයා ලෙස තමාවත්, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුනුත් අත්අඩංගුවට ගන්නා ලෙසත් සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කරයි. සත්‍ය වෙනුවෙන් සිරබත් කෑමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

හරීන් වැනි සත්‍යවාදී නායකයෙක් වෙනුවෙන් සමගි ජන බලවේගය පමණක් නොව සමස්ත රට ම පෙනී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) පෙරවරුවේ රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු බැලීමට නවලෝක රෝහල වෙත ගිය අවස්ථාවේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස