හරි මඟ ගොස් පැය විසි හතරයි..! විමල් උදය ඇමැති ධූරවලින් නෙරපයි…!

March 3, 2022 at 6:22 pm | by emanisa.lk

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධූරය එස්.බී. දිසානායකටත්, උදය ගම්මන්පිල දරමින් සිටි බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේටත් ලබා දී ඇති බව වාර්තා වෙයි.

දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරය, පවිත්‍රා වන්නිආරච්චිට විදුලිබල අමාත්‍ය ධූරයත් ලබා දී ඇති බව ද සඳහන්ය.

ආණ්ඩුවේ පක්ෂ 11ක් එකතු වී හරිමග ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූයේ ඊයේ ය.

මෙයට පෙර ආණ්ඩුව විවේචනය කළ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද අමාත්‍ය ධූරයෙන් නෙරපා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *