හම්බන්තොට වගේ ම කොළඹත් වරායක් තියෙනවා…! කොළඹටත් වහා ම ෆයිසර් දෙනු…! නැත්නම් විරෝධතා…! – මරික්කාර්…

September 10, 2021 at 3:41 pm | by emanisa.lk

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-30 අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබා දෙන ආකාරයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේද එම වයස් සීමාවේ පිරිස්වලට එම එන්නත ලබාදීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ආණ්ඩුව එසේ නොකරන්නේ නම් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ විරෝධය තදින්ම ආණ්ඩුව ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

හම්බන්තොට වරායක් තිබෙන නිසා එම එන්නත හම්බන්තොටට දෙන බව ප්‍රකාශ වී ඇති නිසා මෙරට ප්‍රධාන වරාය තිබෙන දිස්ත්‍රික්කයත් වැඩිම ජන ඝනත්වයක් ඇති දිස්ත්‍රික්කයත් වන කොළඹ දිස්ත්‍රික්කයේ ද ජනතාවට එම එන්නත ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සමගි ජන බලවේග මරික්කාර් මහතා මෙම අදහස් පල කලේය.

අපි දැක්කා ජාතික ඔෟෂධ නියාමන අධිකාරියෙ දත්ත අතුරුදහන් වීම පිලිබදව කරන ලද පරීක්ෂණයකට අනුව අදාල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගත්තා කියලා.දැන් ආණ්ඩුවේ දේශපාලනඥයින් සැරින් සැරේ ඇවිල්ලා විවිධ කරුණු කියද්දී විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා අටවෙනි මාසෙ 22 දා මේ පිලිබදව කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු වෙනවා කියලා අපි විශ්වාස කරනවා.

මේ දත්තවල තියෙනවා ඔෟෂධ ගෙන්වන්න ලියාපදිංචි වුනු සමාගම් , කොයි විදියට ද, කොයි රටෙන්ද, මොනවද ගේන්නේ කියලා සංවේදී තොරතුරු. ඒ සියලු තොරතුරු තියෙන මේ දත්ත ටික අපේ රටේම සෞඛ්‍ය පද්ධතියට සමස්තයක් හැටියට ජනතාව සියළු දෙනාටම බලපානවා. මේ වගේ තොරතුරු නැති වෙනවානම් අපිට ප්‍රශ්ණයක් තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා.

සාමාන්‍යයෙන් ඕනෑම සමාගමක මේ වගේ ෙතාරතුරු දත්ත ගබඩා කරන එක වසරකට සැරයක් system audit එකක් කරනවා. එතෙකාට මේ සමාගම මේ වසරට system audit එකක් කරලා නැද්ද? ඒහෙම කරලා නැත්නම් වරද කාගෙද? මෙවැනි දත්ත මැකී යාමේ අවධානමක් තියෙනවානම් contingency plan එකක් තියෙන්න ඕන. එතෙකාට මේ සමාගමට contingency plan එකක් තිබිලා නැද්ද? අපිට ප්‍රශ්ණයක් තියෙනවා මේවට උත්තර දෙන්න ඕන කව්ද කියලා. මොකද සමාජයේ කතාවක් තියෙනවා rapid antigen කට්ටලවලට යන වියදම වැඩියි කියලා. මේ දත්ත තියෙනවානම් අපිට බලාගන්න පුලුවන් තවත් සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවද දැනට antigen කට්ටල ව්කුණන සමාගම්වලට වඩා අඩුවට , ඒ ගුණාත්මක බවින් යුත් කට්ටල ගෙන්වන්න අවසර ඉල්ලපු අය ඉන්නවද ? තොරතුරු නැතුව ඒ පිලිබදව සොයා බැලීමක්වත් කරන්න මේ අායතනයට බැහැ.

ඒ නිසා තමයි අපිට සැකයක් ඒන්නේ මේ වගේ සංවේදී තොරතුරු මේ වගේ මොහොතක නැති වී යාම සම්බන්ධව කටයුතු කරන ආකාරය තුලින් මේකට උත්තරයක් ලැබෙනවද කියන එක ප්‍රශ්යනක්.

– midea unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස