ෆයිසර් එන්නත කොළඹට නොදී හම්බන්තොටට දුන්නේ ඇයි…?

September 5, 2021 at 11:24 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයින් බහුල කොළඹට ෆයිසර් එන්නත නොදී හම්බන්තොටට එය ලබා දීමේ පදනම කුමක් දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි.

රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය කොළඹ බවත් ගුවන්තොටුපළ ආදී මර්මස්ථාන පිහිටා ඇත්තේ ඒ ආශ්‍රිතව බවත් එහි මන්ත්‍රී මනූෂ නානායක්කාර සඳහන් කරයි.

වෙනත් රටවල 60ට වැඩි අයට ෆයිසර් එන්නත ලබා දෙන පසුබිමක ලංකාවේ ධීවර ජනතාව වෙසෙන පුත්තලම, මීගමුව, මන්නාරම ආදී ප්‍රදේශවලට ෆයිසර් එන්නත ලබා දීමට තීන්දු කළේ කවුදැයි මන්ත්‍රීවරයා විමසයි.

අද ලංකාවේ එන්නත්කරණය පිළිබඳ සියලු තීන්දු තීරණ ගන්නේ හමුදාව බවත් සෞඛ්‍ය අංශ දෙවන තැනට දමා ඇති බවටත් මනූෂ නානායක්කාර චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *