හම්බන්තොටට ෆයිසර් දුන්නේ ඇයි…? නි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැහැදිලි කරයි….

September 6, 2021 at 11:27 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ මුලින් ම ෆයිසර් එන්නත ලබා දුන්නේ මන්නාරම ප්‍රදේශයට බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඒ සඳහා මූලික වශයෙන් සැලකිල්ලට ගත්තේ ලැබී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ප්‍රදේශයේ ඉලක්කගත ජනගහනය පූර්ණ එන්නත්කරණය සඳහා ප්‍රමාණවත් ද යන සාධකය බව ඔහු පෙන්වා දෙයි.

එසේ ම හම්බන්තොට ප්‍රදේශයේ තරුණයින් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කළේ ද මෙම සංඛ්‍යාත්මක දත්ත ද පදනම් කරගෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

හම්බන්තොට ප්‍රදේශයේ තරුණයින්ට ෆයිසර් එන්නත් ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය විරෝධය පළ කිරීම පිළිබඳ මාධ්‍ය වේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *