ආණ්ඩුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථකයි…! – සමන් රත්නප්‍රිය…

September 4, 2021 at 5:27 pm | by emanisa.lk

එන්නත්කරණයේ දී ආණ්ඩුවේ කළමනාකරණය අසාර්ථක වී ඇතැයි හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

කොවිඩ් මරණවලින් 24%ක් වාර්තා වන කොළඹට ලබා දී ඇත්තේ චීන සිනොෆාම් එන්නත බවත් මරණ 0.7ක් වාර්තා වන හම්බන්තොටට ෆයිසර් එන්නත ලබා දී ඇති බවටත් ඔහු චෝදනා කරයි.

එසේ ම මරණ එපමණවත් වාර්තා නොවන මහනුවරට රුසියානු ස්පුට්නික් එන්නත ලබා දී දෙවන එන්නත ලබා දිය නොහැකිව ඒ ජනතාව අපහසුතාවට පත්කර ඇති බවත් ස්පුට්නික් එන්නත් නිෂ්පාදනය කිරීම පිළිබඳ ගැටලු මතුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙයට පෙර ඇස්ට්‍රාසෙනිකා ලබා දුන් කොළඹ ජනතාව මෙන් ම අද මහනුවර ජනතාව ද අමාරුවේ දමා ඇතැයි සඳහන් කළ සමන් රත්නප්‍රිය ආණ්ඩුවේ එන්නත්කරණ වැඩපිළිවෙළහි අසාර්ථකත්වය නිසා මෙම තත්ත්වය මතු වූ බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *