හකීම්ලා හැදූ පාස්කු වාර්තාව පිළිගන්න බෑ! – ජනපතිත් විපක්ෂය සමග එක්වෙයි….

October 30, 2019 at 10:13 am | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (29) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැති අතර තේරීම් කාරක සභාවේ වාර්තාව ද ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත නොකරන බවත්, දැනුවත්වීම සඳහා පමණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පසුගියදා එළිදැක්විණි. එමගින් පාස්කු ප්‍රහාරයට, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පාර්ශ්ව රැසක් වගකිව යුතු බවට නිර්දේශ කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස