සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නැතිව ඡන්ද කල්දාන්න කොමිසමට බෑ! – ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා

May 21, 2020 at 11:30 am | by emanisa.lk

ජුනි මස 20 වෙනි දිනට මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම සිදුකළ ප්‍රකාශය කිසිදු වැදැගම්මකට නොමැති ප්‍රකාශයක් සේ සලකා බැහැර කළ යුතු යැයි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ මැතිවරණ කොමිසම අධිකරණයට කළ දැනුම් දීමක් පිළිබඳ කරුණු දක්වමින් හෙතෙම (20) මෙසේ ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය බලධාරියෙකුගේ හෝ සෞඛ්‍ය පර්යේෂණ ආයතනයක නිර්දේශ නොමැති එලෙස මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් ඔවුන් වෛද්‍ය විශේෂඥයන් වුවද එවැනි තීන්දුවක් රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොමැතිව ගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස