හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ වයස අවුරුදු 20 – 30 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබා දුන්නේ රජයේ උපදෙස් අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පවසයි.
එහෙත් විය යුත්තේ රජයේ උපදෙස් අනුව එන්නත් දීම නොව සෞඛ්‍ය උපදෙස් අනුව රජය කටයුතු කිරීම බව කී වෛද්‍යවරයා මෙහි දී වී ඇත්තේ පරස්පර දෙයක් බව ද සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ගත් තාක්ෂණික තීරණ අනුව එන්නත්කරණ කටයුතු කළේ නම් සිදු වූ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ බව ද වෛද්‍යවරයා කීවේය.